මෙලෝ රහක් නෑ!

ඔබේ අවදානය පිණිස: මෙම සටහන ලියනුයේ මෙහි අන්තර්ගත සිදුවීමෙහි වූ හාස්‍යජනක ස්වභාවය නිසා මිස වෙනත් අදහසකින් නොවන බව කරුණාවෙන් සලකන්න.

*

රෑ හතහමාරට විතර MC එක ගාවින් පික්මී ඇප් (PickMe app) එක හරහා ටුක් (tuk) එකක් රික්වෙස්ට් (request) කරලා බලාගෙන ඉන්නකොට,  ‘අප්පුහාමිලගේ’ කියන රියදුරු උන්නැහේ මගේ හයර් රික්වෙස්ට් (request) එක ඇක්සෙප්ට් (accept) කරා කියලා ස්ක්‍රීන් (screen) එකේ වැටුණා.

විනාඩි පහකින් විතර, පොඩ්ඩක් එහෙන්-මෙහෙන් මොඩිෆයි (modify) කරපු කොළපාට ටුක් එකක් මගේ ඉස්සරහා නැවැත්තුවා. මගේ ඇප් එකේ පෙන්නන හැටියටත් ටුක් (tuk) එක තියෙන්නේ මගෙ ඉස්සරහා තමයි. හැබැයි ටුක් (tuk) එක එලවන්නේ පොඩි කොල්ලෙක්! අප්පුහාමි කියලා තිබුනම මට හිතුනේ ටිකක් මුහුකුරාගිය කෙනෙක් වෙන්න ඇති කියලා.

“මොකද්ද ඔයගේ නම?” මම සැකේට ඇහුවා.

“හරි ඔය මම තමයි! හිතුවනේ වයසක ඩයල් එකක් කියලා? නගින්න” මූණේ ලොකු හිනාවක් එක්ක එයා උත්තර දුන්නා.

නැගලා ටික දුරක් යනකොට මම ඇහුවා; “ඉතින් ඇයි ඔයා මේ ඇප් එකට කෙටි නම දැම්මේ නැත්තේ?”

“අපෝ! මගේ අනිත් නම මෙලෝ රහක් නෑ. ඕක තව හොඳයි”

“ඇයි මොකද්ද අනිත් නම?”

චන්ද්‍රපාල… හේ… හේ… ! පික්මී (PickMe) එකෙන් ඩොකියුමන්ට් (documents) ගොඩක් ඉල්ලනවනේ. ඒවයේ තියන හැටියට තමයි නම දාන්නේ. මට උප්පැන්නෙයි, ලයිසන් එකයි වෙනස් කරන්න කරදර වෙන්න බැහැ….නමුත් මගේ යාලුවෝ මට කියන්නේ ගයාන් කියලා”

“ඒකද ඔයා කැමති නම?”

“ඒක ශේප් (shape) නේ? මගෙ අක්කටයි, මල්ලිටයි ලස්සන නම් දාලා තියෙන්නේ. අක්කා සඳමාලී, මල්ලි සඳරුවන්… මට තමයි මේ චන්ද්‍රපාල කියලා දාල තියෙන්නේ”

“අම්මයි, තාත්තයි හඳ බලලා නම් දාලා තියෙන්නේ එහෙනම්?”

“ඒගොල්ලෝ හඳ බලලා, මට තමයි තරු පෙනිලා තියෙන්නේ!”

***

ඔන්න මේ රියදුරු මහත්තයාව හම්බවුනොත්, ගයාන් කියලා කථාකරන්න!

 

නැවත කථාකරමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: