පොහොසත් සිතක්
2015 උදා වෙන්න ඔන්න මෙන්න, අපි ත්‍රීවිල් ඒකක් එනකං ඉන්නවා වත්තල පල්ලියට යන්න රෑ පූජාවට. වෙනදට අපි පල්ලි යන්නේ රුපියල් 100ට. වෙලාව පරක්කු නිසාත් , අලුත් අවුරුද්ද නිසාත්, පාරේ ත්‍රීවිල් නැහැ.
අපි ටිකක් වෙලා ඉන්න කොට ඔන්න එක වයසක අංකල් කෙනෙක් ත්‍රීවිල් එක නැවැත්තුවා. අපි ගණන් අහන්නේ නැතුවම වාහනේට ගොඩවුණා. පල්ලියට ගිහිල්ලා බැහැලා අංකල්ගෙන් ගාණ ඇහුවා.
“අලුත් අවුරුද්දනේ පුතේ, කැමති ගාණක් දෙන්න.”
අපිට හරි පුදුමයි.
“අංකල්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා” කියලා හදවතින්ම පතලා අපි රු.150ක් දුන්නා.
“ඇයි පුතේ මේ වැඩියි නේ?” අංකල් අපෙන් ඇහුවා.
“කමක් නැහැ අංකල්, අද අලුත් අවුරුදුනේ, ඒ නිසා ඕක තියාගන්න, අපි සතුටින් දෙන දේ නේ” අපි එහෙම කිව්වා.
අංකල්ගේ මූණේ ලොකු හිනාවක්, වැඩිපුර දුන්ණු රු. 50 ට…
…
පල්ලි ඉවර වුණා. දැන් ගෙදර යන්න ත්‍රීවිල් එකක් ඕනේ.
පල්ලිය ඉස්සරහම ත්‍රීවිල් එකක් තියනවා. අපි නිකමට අහලා බැලුවා හයර් එකේ ගාණ.
“ඇලුත් අවුරුද්දනේ මල්ලි, රු.200ක් දෙන්න” ත්‍රීවිල් එකේ හිටපු අයියා කිව්වා.
අපි එකේ ගියේ නැහැ. මීටරයක් තියන වෙන ත්‍රීවිල් එකක් බලලා අපි ගෙදර ගියා…
Leave a Reply